Thursday, May 15, 2014

මේ පාර වෙසක් වලට මොකද උනේ ? ....

මේ පාර වෙසක් වලට මොකද උනේ ?  වෙසක් වලට සද්දෙ විතරද ? එලිය නද්ද ? .. අපි නම් වෙසක් දැක්කෙ නෝලිමිට් , ශ්‍රියානි , කො‍ටුවෙ කඩේ , ෆැශන් බග්  තමා ... 

මොකද ඇත්තටම උනෙ වෙසක් වලට ?  .. වෙසක් මාසෙට  විදුලි බිල අඩු ද ? ම්ම්ම් ... කුඩුවක් හදන්න කොච්චර  වියදමක් ද නේ දැන් . ඉස්සර සෞකොල කියද නෙ . හෆ්ෆේ ... ඔහොම ගියොත් මොනවා වේයිද දෙයියනේ . වෙසක් තියෙන්න ඕන ‍රැට නෙ . හවස් වෙද්දි තියෙනව ‍රැට ? .. 

ඩන්සලක් හොයන් කොචර දුර යන්නද නේ . මොක්ද උනේ ම්ම්ම්ම් ... ගිය අවුරුද්දෙ එහෙම හැම තැනම දන්සල් , හැම තැනම වෙසක් කූඩු .. දැන් ඒවා කෝ ?  මේ රට ට මොකද්ද වෙන්න යන්නෙ ? . මේක සිංහල රටක් . මෙය බුදුන්ගෙ  දෙශය නේද සහෝදර සහෝදරියනි ?  

අර කැ ගහන කට්ටිය මේවා බලන්නෙ නැද්ද ම්ම් . රටෙ මිනිස්සුන්ට සහන සලසන්නෙ නැද්ද ?  වෙසක් මාසෙට රටෙ විදුලි බිල අඩු කරන්න ඔනේ මොකද මේක සිංහල රටක් වෙසක් එකට එලිය වෙන්න ඕන රටම .. බුදුන්ගෙ ඉපදීම , බුදුවිම , පිරිනිවන්පැම  එකම දවසෙ වෙන්නෙ ඒක තම වෙසක් දවස , එහෙම නේද ම්ම් .  එතකොට ඒ මාසෙට විදුලි බිල අඩු කලොත් මොකද ? බුදු හමුදුරුවො වෙනුවෙන් ඒක කලොත් මේ රටට කොච්චර ලොකු පිනක් ද ම්ම් ... බඩු මිල අඩු කලොත් මොකද ම්ම් . එතකොට හැමොම දන්සැල් දෙයි හමෝටම පින් ලබේවි . තමන්ගෙ රටෙ අගම ජතිය වෙනුවෙන් නිකන් මරගන්නව මේව බලන්නෙ කවුද ? මේවා පෙන්නෙ නැද්ද ? වෙසක් දවස කියන්නෙ කොච්චර වටිනා , උතුම් දවසක් ද නේ . 

මිනිස්සු දන්සැල් දෙනවා . දැන් දන්සල් පටන්ගන්නෙ අමරදේවගෙ , මොයිදින් බේග් ගේ සින්දු වලින් . ඉවර වෙන්නෙ ? DJ නෙ . වැඩක් ද ඉතින් දන්සලෙන්.  කොචර බක්තියකින් ද දන්සලක් දෙන්න ඕන . ජොලියට දෙනවනම් ඔන දවසක දීගනින් ඒත් ඒ වගෙ උතුම් දවසක ඒ වගෙ  ගොන් ආතල් එපා . 

දන්සැල් දෙන්න තරම් සල්ලියක් නැ මිනිස්සුන්ට .  පොහොසත් අය පොහොසත් වෙනව දුප්පත් අය දුප්පත් වෙනවා . ගිය අවුරුද්දෙයි මේ අවුරුද්දෙයි වෙනස මෙහෙම නම්  තව අවුරුදු 5 ක් ගියාම හිතලා බලන්න සහොදර සහොදරියනි . රටේ සංස්කෘතිය ජාතිය ආගම  එකමුතුව ඔක්කොම නැති වෙලා යනවා නෙද ? .. 
මේ ඔක්කොම දෙතුන්දෙනෙක් නිසා වෙන්නෙ . රට වෙනස් වෙලා . රට ගැන හිතන්න . එකට එකා මරාගත්තට වැඩක් නැ . හැමොම එකට ඉන්දල රට බල්ලට යන්න නොදි බේරගන්න ඕන . නැතුව ඔහොම ගියොත් වෙසක් කෙසෙවෙතත් අපිට විදුලිය තියෙයි ද දන්නෑ .. 


No comments: