Friday, June 6, 2014

කොමිස් මුදල් නිසා ගූගල් සමාගම ලංකාව අතහැර යයි.


ලොව පරසිදු ගූගල් සමාගම ලංකාවේ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කිරීමට එම සමාගමේ ඇමරිකානු ජාතිකයන්


තිදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර රාජපක්ෂ රෙජීමය ඔවුන්ගෙන් අසීමිත කොමිස් මුදලක් ඉල්ලා සිටීම නිසා අදහස අත්හැර ආපසු ගොස් ඇතැයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පැවසීය.


ඔහු මේ සම්බන්ධයෙන් මූලික හෙලිදරව්වක් අද පැවැති මාධ්‍ය හමුවේදී හෙළි කෙළේය. ඒ සම්බන්ධයෙන් සාලි මහතාගෙන් ලංකා ඊ නිව්ස් වැඩිදුරටත් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට කොමිස් කාක්කා විසින් මෙම අසීමිත කොමිස් මුදල ඉල්ලා ඇති බවත් ඊට පිලිතුරු දෙමින් ගූගල් නියෝජිතයින් තම සමාගම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් ඇතිවනු ඇතැයිද ශ්‍රී ලංකාවේ බුද්ධිමත් තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා බිහිවනු ඇතැයිද එනිසා තම සමාගම ඒ සා කොමිස් මුදල් දීමට අකමැති බව පවසා ආපසු ගිය බවට තමාට තොරතුරු ලැබී ඇති බවයි.


මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වර්ධනයට රාජපක්ෂ රෙජීමය විසින් සිදුකළ බරපතලම හානියක් මෙන්ම අමනෝඥ ක්‍රියාවක් බවද අසාද් සාලි පැවසීය.


1996 දී ලැරී පේජ් සහ සර්ජි බි්‍රන් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා විසින් බිහිකළ ගූගල් අන්තර් ජාල සෙවුම් මෙහෙයුම අද වන විට අතු ඉති ලා ලෝකයේ දැවැන්තම සමාගම් අතර එකක් බවට පත් වී තිබේ. එය සමාගමකට වඩා නව්‍ය ලෝකයේ සංස්කෘතිකයක් බවට පත්ව ඇත. ඔවුන්ගේ මෙහෙයුම් කාර්යාල 70 ක් රටවල් 40 ක් සිසාරා පවතී. එවැනි සමාගමක් ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතකට පැමිණීමෙන් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගත හැකි වාසි කොතෙක්දැයි මැදමූලන ගංකබරයන්ට නොතේරේ. ඔවුන් දකින්නේ තම ගිණුමට බැරවන මුදල පමණි.


අපේ හරක් ට මොන ගුගල් ද බන් . ශික් අපරාදයක් මේක . සල්ලි වලට තාමා මුන් මුල් තැන දෙන්නෙ රටේ දියුනුව බලන්නෙ නෑ නෙ  ... රටේ අශ්චර්යය බේරෙනවා නේ .. රට පාලනෙ කරන උන්ට හෙන ගහපු
දවසට තමා අපි කිරිබත් හදන්නෙ .... 


අයි හේට් දිස් ගවන්මන්ට් ...!!




(ලංකා ඊ නිව්ස්

Thursday, June 5, 2014

පිස්සුම ඩයල්

පිස්සු කෙලින උන්ගෙත් ඉන්නවා පිස්සුම චරිත . ඒ වගේ වෙලා ලබෙන දෙයක් නෑ බන් . වලි වලට බැහැලා එහෙම අනුන්ගෙ  කෙහෙම්මල් වලට ගිහින් වෙන්නෙ  තමන්ගෙ චරිතෙ නැති වෙන එක තමා ඉතින් වෙන්නෙ . ඒක ඒ වෙලාවෙ තේරෙන්නෙ නැ. යලුවො ඉන්දි ගානට යලුවො එක්ක හිටිය නම් හරි . හොන්දම  යලුවො ඉන්නවා නැ කියන්නෙ නැ  ඒත් යලුවො ගොඩක් ඉද්දි ඒ අතුලෙම තමන්ට කෙලවන්ඩම කියල සෙට් එකක් ඉන්නවා . ගොඩක් විශ්වාස කලාම කෙලවෙනවා අනිවා ආයෙ දෙකක් නෑ .. 

පිස්සු කෙලිනව තමා  කොල්ලො උනාම පිස්සු කෙලින්ඩ එපෑයෑ ටිකක් .  චරිතෙ නොන්ඩි  උනොත් ඒක  මරෙනකන්ම එහෙමයි . චරිතෙ නොන්ඩි වෙන්න මොහොතක් යයි . මොකටද නිකන් වලි දාගන්නෙ  කා එක්ක උනත්  හොන්දට  හිටියා නම් එච්චරයි . 

අම්මලා තාත්තල දුක් මහන්සි වෙන්නෙ ඉතින් අපි හින්දා නෙ . අපි ඔහොම පිස්සු නටල පොලිසි අරෙහෙ මෙහෙ යන්ඩ උනොත් ඔකොම අම්මා තාත්තට  පට්ට දුකක් නෙ . ඒවා හිතන්නෙ නැනෙ . දරුවෙක් බිහිකරන්න  අම්මා  කෙනෙක් වින්දින් දුක  කොහොමද ඊට පස්සෙ ඔකා ලොකු වෙලා නටන නැටිලි බලලා ම කොච්චර දුකක් ද නේ . අනේ මන්දා ඉතින් .  

තමන්ට ඉගෙන ගන්න බැ නම් ඉස්කොලේ තමන්ට  කැමති පැත්තක් අති නෙ  ඒ  පැත්තෙන් ඉසරහටම ගියා නම් කාටද ආඩම්බර නේ . සමජේ  පිස්සො ගනන් ගන්නෙ නෑ බන් . අපිත් න‍ටුවා ඉතින්  තෙරුනා අපිටත් . යලුවෝ හිතයි අපි චාටර් එහෙම කියලා ඒත් කාලෙකදි තෙරුම් ගයි . අත්ත යලුවා වලෙන් ගොඩ ගන්නවා මිසක් වලට දාන්නෙ නැ  .  

අපි හැදුනා නම් අනිත් උන් අපිව බලලා හැදෙයි . ඒකට විශේශ හේතුව අපෙ ලංකාවෙ අනිත් උන්ගෙ කතා නෙ අහන්නෙ අනිත් උන් දිහා නෙ බලන්නෙ ඒක නිස උම්බ , උම්බ ගැන හිතලා හැදුනොත් තව එකෙක් උම්බ දිහා බලලා හැදෙයි .  කතාව සිරා නේ . :/